මහින්ද මේ නොකියා කියන්නේ කුමක්ද?

·

මහින්ද රාජපක්ෂ මහතා තෙවරන වරටත් ජනාධිපති වුවහොත් සිදු කිරීමට බලාපොරොත්තු වන දෑ සම්බන්ධයෙන් සහ ඔහු රට හමුවේ තබන පොරොන්දු සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගියදා එළිදැක්වූ අතර එහි ප්‍රධාන මාතෘකාව වන "ජාතික ආරක්ෂාව පිළිබඳ ගෝලීය ආදර්ශයක්" යන්නෙහි මෙසේ සඳහන් වේ.


"මානුෂීය මෙහෙයුමේදී ශ්‍රී ලංකාවේ වෙසෙන කිසිදු පුරවැසියෙකුගේ මානව අයිතිවාසිකමක් කඩවී ඇත්නම් රටේ පවතින නීතිමය රාමුව තුළ දේශීය ක්‍රමවේදයක් යටතේ විනිවිද බවින් යුතුව යුක්තිය සාධාරණය ඉටු කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් ඇති කරමි."

උපුටාගැනීම "මහින්ද චින්තන ලොව දිනන මග" 14 පිටුව තුන්වන චේදය.
මහින්ද රාජපක්ෂ මහතා සිය මැතිවරණ වේදිකාවේ නිතර ප්‍රරකාශකරන්නේ "මම කිසිදු රටවැසියෙකුට මානව හිමිකම් චෝදනා ගොඩනගන්නට ඉඩ දෙන්නේ නැහැ" යනුවෙනි.

කෙසේනමුත් යුද්ධයේදී සිවිල් ජනතාවගේ ජීවිත අහිමි වීම පිළිබඳ සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පත්කළ කොමිසමට විකල්පයක් ලෙස ජනාධිපතිවරයා පත් කර තිබෙන "මැක්ස්වෙල් පරණගම" කොමිසමට විශේෂඥ උපදෙස් දීම සඳහා මහා බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදයජපානය වැනි රටවලින් අධිරාජ්‍යවාදී ගැති නියෝජිතයින් පත් කර සිටී.

0 comments:

More News