මුතුහෙට්ටිගම රටෙනුත් පලායයි

·


අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද (26) අලුයම 1.20ට පමණ සිංගප්පූවර බලා කටුනාය ජාත්‍යන්තර ගුවන්තොටුපළින් පිටවත් ගොස් තිබේ.

 
ඔහු පිටත්ව ගොස් ඇත්තේ UL 306 දරන යානයෙන් බවදා වාර්තා වේ.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද වේදිකාවකට වඳුරඹදී ගිනිතබා විනාශකිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් උසාවි ගෙන යන අතරමගදී ඔවුන් පැහැර ගත්තැයි ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා මීට දින කිහිපයකට පෙර පොලිස්පති මඟින් වරෙන්තු නිකුත් කළේය.

මුතුහෙටිටිගම ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ ගම්පහ සිට කටුනායකට පැමිණි බවද දැනගන්නට ඇත.

නියෝජ්‍ය අමාත්‍යවරයා සමග තවත් දෙදෙනෙකු විදෙස් ගත වූ බවද ගුවන්තොටුපළ ආරංචිමාර්ග සඳහන් කරයි.

අදාළ නඩුව යළි දෙසැම්බර් මස 29දින කැඳවන බවත්, එදිනට නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සහ ඔහුගේ රියදුරු අධිකරණය ඉදිරියට පැමිණවිය යුතු බවටත් පොලිස්පතිවරයා මගින් අධිකරණ නියෝගය ක්‍රියාත්මක කරන ලෙස මහේස්ත්‍රාත්වරයා දන්වා තිබුණි.

0 comments:

More News